Social Icons

twitterfacebookgoogle pluslinkedinrss feedemail
බෝඩිමේ සිටින තෙල බෙදනා වැලහින්න -
කියමින් මුසාබස් හොට්ටිට දෙන ගින්න -
දෙවිදුට ඈසෙවා එකීගේ බොරු බින්න -
පොලවම පලා ගෙන පලයව් වැලහින්න -
කුලුදුල් පෙමේ විරහව මා දෙනෙතින්ම -
බොඳවී ගියත් පෙම් සිතුවම් කඳුලින්ම -
යලි සිහිවුනා ඇය දැකලා නිතැතින්ම -
හිමිනැති පෙමට මං හැඬුවා එලෙසින්ම -

අහසට ඉගිලුන ඹබරෙක් වාගේ 
පාවි පාවී ඉගිල ගියා -
සඳ ළඟින්ම මා තරුවක් වාගේ
එළිය අරන් අහසේ සිටියා -

නුඹගෙන් මා දුර ඈතක සිටියත් 
ළඟ ඉන්නා සේ මට දැනුනා -
දෙනෙත් පියා මා මුලු රෑ හැඬුවත්
නුඹ ගැන මතකය ඉතිරි වුනා -

තව එක් වසරකි සරසවි දිවියත් 
නිමා වෙන්න ඇති බව දැනුනා -
පැතු නුඹව මට, අකමැති වූවත්
මගේ සිතේ නුඹ නතර වුනා -

සීතල සුළං හමනා සරසවි සබර -
ඇඟ දැවටිලා මුහුණේ ඇගේ පොතු කබර -
බෝඩිමේ ඉදන් ඇති කරමින් අඩ දබර -
කොන් වී සිටිනවලු - මුල්ලක හොටු බේර -

පතනා එකෙක් නැත මා නම් නොනිමි ලෙස -
ගරු නම් නොකරමිය කැපුවත් මගේ හිස -
අපමණ ගුණම කිවත් කවි වලින් රස -
අකමැති වුනා හොටු සුරඟන යකෙකු ලෙස -

නිය රස බලා කුස පුරවන සිඟන්නිය -
හොටු පෙර පෙරා මහ පාරේ දුවන්නිය -
දුටු විට දවස නීරස වන යකින්නිය -
ඇඟ නැති නිසා පතිවත රකින්නිය -

පෙම් සල් අරණ තුන සුපිපුන සුවඳ මල -
පරවී ගිහින් පිපි මල් සරසවිය තුල -
නුඹේ ලොල් සිනා ඉදහිට මං දකින කල -
කඳුලක් ඇවිත නොදැනිම මා දෙනෙත් තුල -