Social Icons

twitterfacebookgoogle pluslinkedinrss feedemail

තණපිලි අගන් දවටා සිටි පිණි බිංදු -
හිරු කිරණකින් මිනිකැට වී (නෙතු) රැංදු -
අරුණෝදයේ සිසිලස මැද ගී සිංදු -
ගයමින් ඇයත් මඟ එනවා සිත බැංදු -

මුහුණට මුහුණ හමුවන පන්සල් පෙදස -
අප හමුවුනා හුංඩුවේ අහඹුව විලස -
පරවී මුකලිතව සිරි නැති මල් දහස -
යලි පිබිදුනා ලබමින් ඇයගේ පහස -

එනමුදු අදත් මඟහරිමින් සිහින මරා -
නොදැක්ක ලෙසින් ඇය යනවා හිතට හොරා -
ඇගේ නෙතු ළඟින් පිබුදුන අනුරාග නුරා -
වස්සානයේ පිබිදුන මල ! සුවඳ වරා -
(නෙතු) හිනහෙනා රාගය පිරි තාල ගෙතුම් - 
උරුමැකි නොවේ නම් කුමටද ආල හැගුම් 
 කුළුදුල් පෙමක් වෙනුවෙන් හද කරන පැතුම් - 
 බොඳවී ගොසින් කඳුලට මුසුවීලා සිතුම් -

පෙම් සල් අරණ තුල සුපිපුන සුවඳ මල -
පරවී ගිහින් පිපි මල් සරසවිය තුල -
නුඹේ ලොල් සිනා ඉදහිට මං දකින කල -
කඳුලක් ඇවිත නොදැනිම මා දෙනෙත් තුල -

මහදේ මෑවූ කුමරිය හිමි රූ සපුව -
උපමා කරන් හංසිය වූ මා (නෙතුව) -
ඈ යන විටදි නම කියමින් කෑ ගැසුව -
පිස්සෙක් වුනා blog වල මා කවි ලිව්ව -

කුලුදුල් පෙමේ විරහව මා දෙනෙතින්ම -
බොඳවී ගියත් පෙම් සිතුවම් කඳුලින්ම -
යලි සිහිවුනා ඇය දැකලා නිතැතින්ම -
හිමිනැති පෙමට මං හැඬුවා එලෙසින්ම -

ඇගේ රුව දිලෙයි සඳ කිරණක් ලෙසින් දිනා -
පැහැසර කරන් (නෙතු) සඟලෙන් කෝල සිනා -
රූ සපු ගුණය හිමි නැතිමුත් කෙනෙකු විනා -
මං කවි කියන්නද? ඈ ගැන තුටින් පිනා -