Social Icons

twitterfacebookgoogle pluslinkedinrss feedemail

උගුරට සුවය

උගුරට සුවය ගෙන දෙන ලක් පේයාව -
පැයකට වරක් බීවත් නැත සේයාව -
ගල් උගුරකට සුව වන ලෙඩ මායව -
මැවි මැවි පෙනේ දෙව්ලොව සුර චායාව -

දැන දැන කුසල් කරමින් යන සසර මඟ -
අහවර වෙයිද සෙම් රෝගය උග්‍ර ළඟ -
දියාරු වෙමින් අවරට යන මගේ ඇඟ-
ගොඩ ගනු කියා මං බොන්නද ගලන ගඟ -

තිත්ත රසය ඇඹුලක් වී උගුර තුල -
කට කාරමින් පහලට යන නාල ඇල -
විකසිත කුසුම් පිපි හිනහෙන ගිමන් හල -
ගල් බී නසමු රෝගය දුරු පිපුන මල -

සරසවි යුගයේ

සෙනෙහස උතුරා යන දුර ගව්වට -
සඳ ඇවිදින් මට හද ඉඟි කෙරුවට -
උරුමය නැති නුඹේ හිත මං පැතුවට -
දීග යන්න හැකිදෝ ! අප දෙදෙනට -

රෝස කුසුම් තොල්පෙති ඇති පාටට -
කොනක් හපා ගෙන නුඹ බොරු කිව්වට -
මතු දිනයක අප වෙන්වී යනවිට -
වහල් නොවී ඉමු ! නෙතු ළඟ කඳුලට -

සරසවි යුගයේ මිහිරි මතකයට -
නුඹ රුකුලක් විය හිනහෙන මොහොතට -
අපමණ පෙරුමන් පුරමින් හොට්ටිට -
කවි ලියනෙමි මා ! හදවත දිනුමට -

200NS


200NS එහෙක නෑගී
යන්නට නොහැක ඉගිලී
උගත මනා ශිල්පයමයි මතු රැකෙනා ගී
කියමින් හු* බස්වලම නැගී
ඉගන ගන්නම යමු සරසවියට වේලී

ගලනා දියෙන් මිණිකැට



දකුණු ලකින් නුඹ එනවිට කඳු රටට -
අරගෙන වරෙන් කිරි, මී පැණි එකට -
සිප ගත නොහැකි මුත් නුඹගේ රන් මුවට -
හෙට පැමිණලා කිරි කවන්න සිතුනි මට -

සිත


සඳහම් සිසිලෙන් සුවපත් කල සිත -
බෝ පත් අතරින් හමන සුළං ගත -
දැවටී මා බෝ මළුව පුදා අත -
නමදිමි කරුණා ගුණය තථාගත -

තොටියෙක්


තොටියෙක් වී මා, හිඳ හිටි පුටුවට -
ක්ෂිත ඉමක් පෙනෙනා දුර ගව්වට -
හිරුත් ගිලෙන බටහිර සමුදුරකට -
රුවලක් පැද යමි, මන ලොව ඉදහිට -

මනි පිට්ටු


මාතර ගමෙන් නුඹ වැනි කඩිසර කෙට්ටු -
හොට්ටියෝ හිටියොතින් කියපන් මං ඔට්ටු -
දෑවැද්දකට දුන්නත් රස මනි පිට්ටු -
නුඹ නැති කමට, මොන සතුටද, මට කිට්ටු -

ඇයගේ ගුණ


ඇය නැති කලට සඳ නැති දා මං දකින -
අඳුරුයි වලා සබරේ ඝනදුර පැමින - 
මා හැර පොරක් හොට්ටිය තවමත් සොයන -
වෙනකෙකු හිදීදෝ ඇයගේ ගුණ කියන....

සඳ විලසින්


විකසිත වුන දින - නිසලව හිඳිමින්
සඳු දෙස බලමින - ඇසි පිය හෙලමින්
තරුත් එකක් හිනහුන - හද අසලින්
නොමියන ලෙස පතමින - මල සමඟින්