Social Icons

twitterfacebookgoogle pluslinkedinrss feedemail

තණපිලි අගන් දවටා සිටි පිණි බිංදු -
හිරු කිරණකින් මිනිකැට වී (නෙතු) රැංදු -
අරුණෝදයේ සිසිලස මැද ගී සිංදු -
ගයමින් ඇයත් මඟ එනවා සිත බැංදු -

මුහුණට මුහුණ හමුවන පන්සල් පෙදස -
අප හමුවුනා හුංඩුවේ අහඹුව විලස -
පරවී මුකලිතව සිරි නැති මල් දහස -
යලි පිබිදුනා ලබමින් ඇයගේ පහස -

එනමුදු අදත් මඟහරිමින් සිහින මරා -
නොදැක්ක ලෙසින් ඇය යනවා හිතට හොරා -
ඇගේ නෙතු ළඟින් පිබුදුන අනුරාග නුරා -
වස්සානයේ පිබිදුන මල ! සුවඳ වරා -
(නෙතු) හිනහෙනා රාගය පිරි තාල ගෙතුම් - 
උරුමැකි නොවේ නම් කුමටද ආල හැගුම් 
 කුළුදුල් පෙමක් වෙනුවෙන් හද කරන පැතුම් - 
 බොඳවී ගොසින් කඳුලට මුසුවීලා සිතුම් -

පෙම් සල් අරණ තුල සුපිපුන සුවඳ මල -
පරවී ගිහින් පිපි මල් සරසවිය තුල -
නුඹේ ලොල් සිනා ඉදහිට මං දකින කල -
කඳුලක් ඇවිත නොදැනිම මා දෙනෙත් තුල -

මහදේ මෑවූ කුමරිය හිමි රූ සපුව -
උපමා කරන් හංසිය වූ මා (නෙතුව) -
ඈ යන විටදි නම කියමින් කෑ ගැසුව -
පිස්සෙක් වුනා blog වල මා කවි ලිව්ව -

කුලුදුල් පෙමේ විරහව මා දෙනෙතින්ම -
බොඳවී ගියත් පෙම් සිතුවම් කඳුලින්ම -
යලි සිහිවුනා ඇය දැකලා නිතැතින්ම -
හිමිනැති පෙමට මං හැඬුවා එලෙසින්ම -

ඇගේ රුව දිලෙයි සඳ කිරණක් ලෙසින් දිනා -
පැහැසර කරන් (නෙතු) සඟලෙන් කෝල සිනා -
රූ සපු ගුණය හිමි නැතිමුත් කෙනෙකු විනා -
මං කවි කියන්නද? ඈ ගැන තුටින් පිනා -
බෝඩිමේ සිටින තෙල බෙදනා වැලහින්න -
කියමින් මුසාබස් හොට්ටිට දෙන ගින්න -
දෙවිදුට ඈසෙවා එකීගේ බොරු බින්න -
පොලවම පලා ගෙන පලයව් වැලහින්න -
කුලුදුල් පෙමේ විරහව මා දෙනෙතින්ම -
බොඳවී ගියත් පෙම් සිතුවම් කඳුලින්ම -
යලි සිහිවුනා ඇය දැකලා නිතැතින්ම -
හිමිනැති පෙමට මං හැඬුවා එලෙසින්ම -

අහසට ඉගිලුන ඹබරෙක් වාගේ 
පාවි පාවී ඉගිල ගියා -
සඳ ළඟින්ම මා තරුවක් වාගේ
එළිය අරන් අහසේ සිටියා -

නුඹගෙන් මා දුර ඈතක සිටියත් 
ළඟ ඉන්නා සේ මට දැනුනා -
දෙනෙත් පියා මා මුලු රෑ හැඬුවත්
නුඹ ගැන මතකය ඉතිරි වුනා -

තව එක් වසරකි සරසවි දිවියත් 
නිමා වෙන්න ඇති බව දැනුනා -
පැතු නුඹව මට, අකමැති වූවත්
මගේ සිතේ නුඹ නතර වුනා -

සීතල සුළං හමනා සරසවි සබර -
ඇඟ දැවටිලා මුහුණේ ඇගේ පොතු කබර -
බෝඩිමේ ඉදන් ඇති කරමින් අඩ දබර -
කොන් වී සිටිනවලු - මුල්ලක හොටු බේර -

පතනා එකෙක් නැත මා නම් නොනිමි ලෙස -
ගරු නම් නොකරමිය කැපුවත් මගේ හිස -
අපමණ ගුණම කිවත් කවි වලින් රස -
අකමැති වුනා හොටු සුරඟන යකෙකු ලෙස -

නිය රස බලා කුස පුරවන සිඟන්නිය -
හොටු පෙර පෙරා මහ පාරේ දුවන්නිය -
දුටු විට දවස නීරස වන යකින්නිය -
ඇඟ නැති නිසා පතිවත රකින්නිය -

පෙම් සල් අරණ තුන සුපිපුන සුවඳ මල -
පරවී ගිහින් පිපි මල් සරසවිය තුල -
නුඹේ ලොල් සිනා ඉදහිට මං දකින කල -
කඳුලක් ඇවිත නොදැනිම මා දෙනෙත් තුල -

උගුරට සුවය

උගුරට සුවය ගෙන දෙන ලක් පේයාව -
පැයකට වරක් බීවත් නැත සේයාව -
ගල් උගුරකට සුව වන ලෙඩ මායව -
මැවි මැවි පෙනේ දෙව්ලොව සුර චායාව -

දැන දැන කුසල් කරමින් යන සසර මඟ -
අහවර වෙයිද සෙම් රෝගය උග්‍ර ළඟ -
දියාරු වෙමින් අවරට යන මගේ ඇඟ-
ගොඩ ගනු කියා මං බොන්නද ගලන ගඟ -

තිත්ත රසය ඇඹුලක් වී උගුර තුල -
කට කාරමින් පහලට යන නාල ඇල -
විකසිත කුසුම් පිපි හිනහෙන ගිමන් හල -
ගල් බී නසමු රෝගය දුරු පිපුන මල -

සරසවි යුගයේ

සෙනෙහස උතුරා යන දුර ගව්වට -
සඳ ඇවිදින් මට හද ඉඟි කෙරුවට -
උරුමය නැති නුඹේ හිත මං පැතුවට -
දීග යන්න හැකිදෝ ! අප දෙදෙනට -

රෝස කුසුම් තොල්පෙති ඇති පාටට -
කොනක් හපා ගෙන නුඹ බොරු කිව්වට -
මතු දිනයක අප වෙන්වී යනවිට -
වහල් නොවී ඉමු ! නෙතු ළඟ කඳුලට -

සරසවි යුගයේ මිහිරි මතකයට -
නුඹ රුකුලක් විය හිනහෙන මොහොතට -
අපමණ පෙරුමන් පුරමින් හොට්ටිට -
කවි ලියනෙමි මා ! හදවත දිනුමට -

200NS


200NS එහෙක නෑගී
යන්නට නොහැක ඉගිලී
උගත මනා ශිල්පයමයි මතු රැකෙනා ගී
කියමින් හු* බස්වලම නැගී
ඉගන ගන්නම යමු සරසවියට වේලී

ගලනා දියෙන් මිණිකැට



දකුණු ලකින් නුඹ එනවිට කඳු රටට -
අරගෙන වරෙන් කිරි, මී පැණි එකට -
සිප ගත නොහැකි මුත් නුඹගේ රන් මුවට -
හෙට පැමිණලා කිරි කවන්න සිතුනි මට -

සිත


සඳහම් සිසිලෙන් සුවපත් කල සිත -
බෝ පත් අතරින් හමන සුළං ගත -
දැවටී මා බෝ මළුව පුදා අත -
නමදිමි කරුණා ගුණය තථාගත -

තොටියෙක්


තොටියෙක් වී මා, හිඳ හිටි පුටුවට -
ක්ෂිත ඉමක් පෙනෙනා දුර ගව්වට -
හිරුත් ගිලෙන බටහිර සමුදුරකට -
රුවලක් පැද යමි, මන ලොව ඉදහිට -

මනි පිට්ටු


මාතර ගමෙන් නුඹ වැනි කඩිසර කෙට්ටු -
හොට්ටියෝ හිටියොතින් කියපන් මං ඔට්ටු -
දෑවැද්දකට දුන්නත් රස මනි පිට්ටු -
නුඹ නැති කමට, මොන සතුටද, මට කිට්ටු -

ඇයගේ ගුණ


ඇය නැති කලට සඳ නැති දා මං දකින -
අඳුරුයි වලා සබරේ ඝනදුර පැමින - 
මා හැර පොරක් හොට්ටිය තවමත් සොයන -
වෙනකෙකු හිදීදෝ ඇයගේ ගුණ කියන....

සඳ විලසින්


විකසිත වුන දින - නිසලව හිඳිමින්
සඳු දෙස බලමින - ඇසි පිය හෙලමින්
තරුත් එකක් හිනහුන - හද අසලින්
නොමියන ලෙස පතමින - මල සමඟින්

සිහිය


මට වෙන වස්තුවක් ගල් හැර අන් කවර...
ඇඟපත රෝග නසමින් යයි දුක පැහැර...
නව ජීවයක් එක් කර පිනවන නහර...
ගල් නැති ලෝවක් වෙයි සඳ නැති රෑ අඹර...