Social Icons

twitterfacebookgoogle pluslinkedinrss feedemail

අවසන් වරට....

මුහුණට මුහුණ හමු වූවත් ඇය මෙමට -
සිනහව පමණි රැඟුවේ ලෙන්ගතු කමට -
එලෙසින් ගෙවුන සරසවි අවුරුදු තුනට -
නොලිව්ව දිනක් නැත කවි පද හොට්ටීට...

මතකයි තවම එක් දිනයක කැන්ටිමට -
මං සෙට් වුනා ඇය ළඟ බත් පොඅලීමට -
එනමුදු සිනාහවම රඟදී අපේ හදට -
අමතක වුනා පවසන්නට පෙම් කවට...

යලිත් දිනක වත් ඇය වෙත පෙම් කවට -
කීමට වරම් යදිමින් දෙවියන් වෙතට -
හැඬුවට තනිව ලැබුනත් වරමක් මෙමට -
කොහොමද පවසන්නේ ආලය ඇස් දෙකට...

දුටු විට ඇගේ නෙතු යුග මත තනිවෙනවා -
මගේ නෙත වෙතත් රූ සිරි රුව ඔපවෙනවා -
වදනන් ඇවිත් යටි තල්ලේ හිරවෙනවා -
එලෙසට යලිත් මං තාමත් ලතවෙනවා...

සිත්ගත් රුවට උපමා කර පුර සඳුව -
මං කවි ලිව්ව මුත් පෙම් රසකැන් නැතුව -
ඇගේ ගුණ අඩුව නැත ඒ කවි පද මැදිව -
එනමුදු ආලේ කීමට බෑ! බය නැතුව...

සිහිවන විටදි ඇගේ සෙනෙහස නැති කලට -
බෝතල් එකතු විය මගේ ඇද යටට -
ඉවසා සිටිනු බැරි හද මත පෙර ලෙසට -
බලෙන්ම කැමති කරගන්නම සිතුනි මට...

නැකතක් නැතත් ඇය එන මග දෙස බලලා -
කීමට සිතුවා සෙහෙහස ආදරේ කියලා -
එලෙසින් දයිර ගෙන ඇගේ අත අල්ලාලා -
හෙට මම කියනනම් දෙයියන් පල්ලා...

ඇය වෙත කියන දින එලෙසින් උදා විය -
නැකතක් බලා හොස්ටල් වෙත ළඟ විය -
කරුමය සැරට පලදි මං මුලා විය -
ඇය නිකමෙකුට හසුවී මට සිනා විය...

මගේ සිත හඬයි කදුලැලි කැට එන්න ළගයි -
ක්ලාන්තේ වගෙයි හිටගෙන බැරි ඉන්න හැඩයි -
කෙලෙසින් වුවත් හැර යන්නට මටත් දුකයි -
නොදැනිම වගේ අඬුනේ පෙම් කරපු නිසයි...


සරසවි කුමරියන් මැද සිටි හොටු අඟන -
මගේ සිත වසඟ කර යන විට ඇගේ ගමන -
රුසිරි පිරුන මනරම් නෙතු තුටු නයන -
රාගය කෙසේ ගැබ් වුනිදෝ මං සොයන...

ගතසිත තුටින කර සවනට හඩ ඇසෙන -
උදයට නැවුම් සිතුවිලි ගෙන ඇය පැමින -
රීඩිම අසල බංකුව මත හිඳ සිටින -
සුරගන නුඹද මගේ මිතුරන් තතු කියන...
ඥාන පටිය සඟවා කටු කොළ අතර -
Copy කැට් කලේ නැත කවුරුත් මං විතර -
ගිරවට බැරිව, ඉතිරිව සබ්ජෙට් හතර -
ගොඩ යනු කෙසේ කැම්පස් වල, සෙමිස්තර...

පාඩම් පොතක් වෙනුවට ඇති ෆොල්ඩර -
GB තුනකි සබ්ජෙට් ගැන කතන්දර -
කරුමය ලියලමින් නොදැනිම දෙනෙත් බර -
නින්දක සුවය පතනෙමි මං! නුඹත් හැර...
කවිපද නැගෙන විට සිතුවිලි පද අමුන -
ඇය ගැන කියන්නද රූ සිරි මං දකින -
සිහිවන විටදි සබ්ජෙට් ගිරවට නගන -
කවිපද නතර විනි ඈ හට මං ගොතන...
ෆයිබර් හන්දා අම්බානක අල වෙනවා...
රෑ නිදි මරලා මගේ නෙතු දැන් පියවෙනවා...
මේලෝ රහක් නැති subject ඇණ වෙනවා...
සරසවි දිවියේ මා තව වයසට යනවා...

ගණිතය කරපු අප හට ගිරවුන් කොහිද...
ඉගිලි ගිහින් ඇතිවුන් අපවෙත එයිද...
මෙදා පොටේ වත් යන්තම් ගොඩ යයිද...
මචං කුප්පියක් ! දාන්න වත් බැයිද...

ඥාණ පටිය ගෙන හරහට හැංගි හොරා...
පිටපත් කරන්නට හැකිනම් ! මාර සිරා..
අපහට නැතත් ජන්මෙන් ආ මාල ගිරා...
ගොඩදා දෙන්න ඇඳුරාණනි ! මා නොමරා...
සිහිවන විටදි නෙතු හසරැල් ඇය නගන -
කියුමට හැකිය කවි පද රූ ගුණ කියන -
තාලෙන් උසස් හැඩ ගමනක මං දකින -
සේයා පෙලකි හද ළඟ තාමත් රඟන...

කොපමණ තිබුන මුත් තියරියේ මරු ගින්න -
ඇය ගැන කියන විට ගිනිදැන් හද නිවුන -
දහසක් මලින් පිරි සරසවි මල් උයන -
සුවඳින් උපරිමයි අද, ඇය මෙහි පැමින...
කිමිදී ගියත් සයරක ඉම ගැඹුරටම -
තරණය කලත් වැලි කතරේ මිරිඟුවම -
අපි යන ගමන දිවි නැගුමට එරෙහිවම -
කාලය කනවා, බොරු ලියමින් පැය තුනම...

ගිරවට පිහිට නැති විට සරණක් කොහෙද -
මෙහෙම ගියොත් කොම් ඩිග්‍රිය ගොඩ යයිද -
සිව් වසරකින් සරසවි සමු ගනු හැකිද -
කියා සිතෙන්නේ හැම විට මටමයිද...

ඩිග්‍රිය නැතත් බැඳ ගන්නට ගමේ කමලා -
සිහිනය එයයි ගොඩ යනු බැරි විට ලියලා -
අපමණ පැතුම් නැතිමුත් සරසවි ඉදලා -
අපිනම් සැනසුනේ තනියට මල් ඔතලා...
නොදැනිම දෙනත පිය වන විට කටු කොලය -
විසිතුරු රටා මවමින් ඇඳි රූ බලිය -
දුටුවිට මනස නැවතත් අවදිව ජොලිය -
ඉස්මතු වුනා තනියම සිනහව නලිය...

හතර කොනේ සිව් දෙස විපරම් කලද -
නුඹ එහි දුටුවේ නැත අද මා එහි ගියද -
හමුවෙනු නොහැකි නම් කීමට වත් බැරිද -
ඒ බැව් සිතන විට සබ්ජෙට් ගොඩ යයිද...
කවි පද අරුත් දෙන අපේ ළඟ හිත් ගුණය -
කියවන අයට වැටහෙනු විට නැහැ සුවය -
එනමුදු හිතට ෆෙච් වන කවි පද රසය -
ලියලා දමන තුරු මට ඉවසනු බැරිය...
මුව හසරැල්ල වල ගැසි කම්බුල් හැඩය -
කැටයම් වුනේ සිනහව රඟ දෙන විටය -
සඳ සේ දිදුල මුහුණට විත් රන් එලිය -
ඝනදුර මකයි රිඩීමේ තුල, ඈ හිටිය...
නුඹගේ නුවන් යුග හසරැලි දකින තුරා -
මම කවි ලියන්නම් සරසවි තනිය පෙරා -
තාලෙට ලෙලෙන වරලස මා හදත් සොරා -
වස්සානයේ සුපිපුන මල නුඹයි වරා...

ගැස්සී පැද්දි යන ගමනේ හැඩ නෙලුන -
සවනට වැටුන රාවය මගේ හද සොයන -
කැන්ටින් පෝලිමේ නුඹ තනිවම සිටින -
සේයා මවයි මනසින් මා පෙම් බඳින...

විභාග දිනය අවසන් කඩඉමින් පැන -
යා යුතු පෙතක් විවරව නුඹ දකින තැන -
සරසවි පෙමට බාදක සිය දහස් ගොන -
ජයගනු කියා මම සොයනෙමි තවම පින...
නන්නා-දුනන නුඹ කවුරුද මා දුටව -
යලි විකසිතයි සරසවි පෙම් හද පැතුව -
උමතුව සලිත් වී සිත කවි පද ලිව්ව -
කවියෙක් පමණි මා, නුඹේ රූ! ගැන කිව්ව...

නිල්වන් තොඩු යුග දිලිසෙන විට දෙකන -
හැඩවැඩ සමකලා බැබලෙන තරු වියන -
රතුවන් සේලයට ගැලපුන විට රුවන -
මගේ සිත දිනයි, දුටු නුඹේ ඇසි පිය ගැහෙන...

සරසවි තුන් වසර නිම වෙන සිකුරාදා -
කොපමණ තිබුන මුත් රුදිරුව සැර බදා -
එක් වෙනු හැකිය නම් දුක් කඳුලැලි පිසදා -
ගලගම නොයා ඉන්නම් මං ! නුඹ හින්දා...
නන් රස ඉපිල කියවන විට පද අතර -
තාලය සොයමි ගලපන්නට කවි මතුර -
එකිනෙක අමුණ ලියලා යන පද සතර -
තරඟෙට සොයන කවියෙකු! නැත මං විතර...
අයිස් ලොවක හිඳ ගෙවුනට තුන් වසර -
දැනුනා මටත් නුඹ නැති විට හද අතර -
විභාග මසට පමණක් සරසවි මැදුර -
මට ගිහි ගෙයක් විය ගතකල සෙමිස්තර...

සිව් වසරකට පා තබනුන් වෙත පේන -
පැතුමන් අපමණයි සිසුවන් හට හීන -
එනමුදු ප්‍රොජෙට්ටුව සිහිවි මට හැඟෙන -
විසදුම් සොයමි වො.අයි.පී ගැන කියන...
හැඩතල සපිරි ඇගේ රූ ගැන කවි පදය -
මෙලසින් ලියමි දුටු විට මගේ මන හරිය -
නෙතු කැට නුරා යුග නීලෙට හැඩ සිරිය -
මගේ සිත වසඟ කර අද කැන්ටිම ළඟය...

සිත්ගත් රුවති කෙස් රොද, දිගු අඩක් කර -

හැඩ පිරි සිරුර මත කෙටු රූපය මකර -

දාහක් දෙනා සිටියත් සරසවි සබර -

නිල් 'නෙතු' සොයමි තවමත් මා උන් අතර..

හිරු නැග පිබිද මුත් ලෝ අද ගිනියම්ව -

අව් රශ්මියත් සිහිකරවයි දෙවියන්ව -

හිස හට සෙවන නැති නුඹ තව කලුවන්ව -

අවපැහැ ඔපයි මකමින් ගත සුදුවන්ව...