Social Icons

twitterfacebookgoogle pluslinkedinrss feedemail

සිහිය


මට වෙන වස්තුවක් ගල් හැර අන් කවර...
ඇඟපත රෝග නසමින් යයි දුක පැහැර...
නව ජීවයක් එක් කර පිනවන නහර...
ගල් නැති ලෝවක් වෙයි සඳ නැති රෑ අඹර...

හේතු සොයමි


උදෑසනම් සරසවි යන මගේ කුමාරි...
ඔය වරලස ගැස්සෙන විට නුඹ මනහාරි...
මට බහදී නැතත් යන්නේ ඇයිද සිනාවි...
සිත තනියම හේතු සොයමි මහද මුලාවි... 

සිරාවට


Remove ! නුඹ කලාට...
Upset !
මට වුනාට...
මගේ GAL හිතට...
තරහක් නෑ මලාට...

ඉස්සර කාලෙක


biology හන්දා අම්බානක අල වෙනවා...
රෑ නිදි මරලා මගේ නෙතු දැන් පියවෙනවා...
මේලෝ රහක් නැති subject ඇණ වෙනවා...
සරසවි දිවියේ මා තව වයසට යනවා...

රැකගමු


සිසු ජීවිතය බිලි ගනිමින් අමන රැල...
තවමත් විසඳුමක් දී නැත කපටි පිට...
කැපුවත් මරදනය කරමින් අපගේ ගෙල...
රැකගමු නිදහසේ ඉගනුම ලබන හෙල
...

දෙනවද මට වරමක්


නොදනිමි මා - පෙම් - බස් මුමුනන්න්ට
නෑ මට එනු වදනක් !
නුඹෙන් පතමි මා - සෙනේ විඳින්නට
හැකි නම් එය සතුටක් !
දොර ගලා නෙතු - බොඳ කල දෙනෙතට
නුඹ වෙයි නෙත් කැලුමක් !
දිවිය විදින්නට, නොම විද වන්නට
දෙනවද මට වරමක්
!

නුඹට


කෙසේ කියන්නද ? නුඹට ආදරේ 
කවියෙන් මා මෙලසින් !
හද ළඟ ඉකිබිදි කඳුලයි දන්නේ
ආදරයේ නාමෙන් !
නුඹට නොහැගෙනා - පෙම් ඇරයුම් මගේ
කුමටද තවත් ඉතින් !
මා සමුගන්නද ?ජිවිතියෙන් අද
පෙම් සරදම් විදිමින්
...

අසීරුවෙන්


හද ළඟ සඳ තරු පායා ඇවිදින්
මටත් එළිය දුන්නත් !
අසීරුවෙන් මා පෙම් බස් දොඩමින්
නුඹත් සමඟ හිටියත් !
නෑ කිසි වෙනසක් දැනුනේ හද ළඟ
ශොක සුසුම් මොහොතත් !
ඉතිරි කරන් මා හැමදිනකම යමි
උදුරා නුඹේ
සතුටත්!

අධ්‍යාපනය සුරකින


අධ්‍යාපනය සුරකින - සිසු තරුණ කැල...
මර්දන කරන්නට යොදමින් - අමන බල...
විකුණං කන්න අර අඳිනා - නරියෝ රැල...
වනසා දමති - හිර කරමින් සිසුගේ ගෙල...

මුව අග සිනා මල්

කටු ඉඹුලකින් පිරි දිවි නුඹ අලුත් කෙරු...


ලෙන්ඟතු හදින් මා සමඟින් කතා කෙරු...

නොපුරුදු ලෙසට මග හරිමින් සිටින තුරු...

මුව අග සිනා මල් කොයින්ද මහද පිරු...

පරපුරේ


සිව් වසරකින් - අරගන්නට මෙහි ආපූ...


ඩිග්‍රිය ගන්න බෑ - හරියට මං හිතපු...

වර්ජන කරන විට - තව තව දුක් විදපු...

තවත් එකෙකි මා - පරපුරේ ගල් බීපු...

වර්ජන මැද්දේ


උසස් පෙළට ටුයුෂන් ගිය අප වෙතට...


තෙල් ගැසූවේය - එහි ගුරුවරු ටික අපට...

සරසවි ගියොත් විදගනු හැකි - යැයි නුඹට...

එ උතුමනුත් කිව්වා බොරු පද එමට...

කියා වැඩක් නැත


සුරඟන - දෙව්ලියන් මැද සිටි හැඩකාර...
හොට්ටිය - මගේ සිත ගත්තයි දඟකාර...
ඇය ලැබගන්න - අපමණ ට්‍රයි - කල වාර...
කියා වැඩක් නැත - මිතුරනි කවිකාර...

බාරේකට

සඳමෙන් දිලෙන 'නෙතු' බබළන රන් රුවට...
කවි පද ගෙතුවා ඉනි කැපුවා සේ ගඟට...
නොලැබෙන පෙමක් පසු - පස මං ගිය දුකට...
සෙට් වෙමු මචං අපි ඉගිලිලා බාරේකට...

සරසවි අපිව

දියාරු වෙමින් පවතින අපේ අරුනැල්ල...


ගොඩගනු පිනිස නෑ පහලව සිතුවිල්ල...

සරසවි මඟුල් බෙර වයමින් ඇවිටිල්ල...

කලමුත් විසඳුමක් දේවිද ඒ ගොල්ල...



උණුහුම දැනෙ

හද මැදි කරන් එය වට එති මල් වැලක...

පිපි මල් පියලි ඔබ ළඟ පරවෙන දිනක...
පරමල් අතර නිසලව මිය ගිය හදක...
උණුහුම දැනෙයි ඔබ හට මතු යම් රැයක...

නුඹ නැති අඩුව


දින දෙක තුනක් දැනුනා නුඹ නැති අඩුව...
පළවෙනි පෙමක මා පැටලී දිවි පිදුව...
ඔය නෙතු ලබන්නට හැකි නම් මා ලැබුව...
සුරපුර අඟන නුඹ වෙයි දිවිහිමි අඹුව...