Social Icons

twitterfacebookgoogle pluslinkedinrss feedemail
ගතසිත සලිත සුළඟට, වරලස ඇමින -
ඇය හුන් ඇසුන ළඟ මා හද ඉඩ සොයන -
මාතර බසය තුල අද මා ගිය ගමන -
සිතුවේ 'නෙතු' කියා සරසවි මුන ගැසුන...
නිල් පැහැ තොඩු තවමත් හැඩ ගෙන මුහුන -
බබලයි සඳක් මෙන් මා පැතු හොටු අඟන -
සිමිහිරි රුවින් නෙතු කැට පිය වෙන නයන -
නුඹමැයි කියා රැවටුනි! ඇය දුන් දසුන...
අහඹුව ලෙසට දුටු නිල් පැහැ තෝඩු සොයා -
මං පියනැගුවා ජනගඟ මැද ඇයම කියා -
සිතුවේ හඬන්නට නොව සිපගන්න තියා -
දුටු ලඳ නුඹ නොවෙයි මඟහැර යන්න ගියා...
පැහැසර රුවින් යුතු සිනහව කැටුව මුව -
ඇය රඟදුන්නා නුඹ මෙන් මට දෙනෙත් රව -
සිහිකර මතක අතරට මා ගියත් තව -
නුඹ නැත අදත්!! මට පලදි සසර පව...
ඝනදුර පැහෑර සඳ ඇවිදින් සේ නුඹම -
මට අද පෙනුනි කොටුවේ පාලම මැදම -
නුඹ නැති අඩුව දැනුනට, මට සති අගම -
අමතක වුනා දුක් ස්වර පෙල කවි තුලම...
උස් අඩි යුගල හෙබි නුඹ මට වැඩි උසට -
පෙනුනට දෙනෙත් විය ලංවි එක පෙලට -
පිවිතුරු ලෙසට බැබලෙන දෙතොලත ලඟට -
සිසිලස පිදුනි! යලි, නුඹ මා වෙතට...
තනියට නුඹත් පෙර මෙන් අද නැති හින්දා -
ඉරිදට මමත් බොල්ගොඩ ගං ඔරු පැද්දා -
සැතපුම් දුරට සුළඟින් බාදක හින්දා -
සැරටම වැදුනේ මට විතරද, මන්දා...
නෙතකට විසල් නන් විදි සිතුවම් පෙනෙන -
හිල්ටන් මහලේ උඩු සුළඟට අපි වැනෙන -
ගොල් ෆෙස් රළපෙල හිරු පැහැ රැගෙන -
මල් වල සුවඳ ලැබුමට සයුරට පැමින... 
සැනසුම් සුවය, නුඹේ නෙතු කැට අතර තියන් -
ඇයි හිනහුනේ දහසක් මැද නෙතම බලන් -
මත් වුන විටක ගොතනා බස් ලඟක ඉදන් -
කවියෙන් කියන්නම්! මං යලි, ඉදලා හිටන්...
ලලිතව නෙතු පියන් නීලෙට හැඩ මුසුව -
නුඹගේ සිනා හසරැලි මං, නෑ පැතුව -
එනමුදු වහවැටුන, හිත තව අඩු නැතිව -
නුඹටම කව්ය අමුණමි රූ, ගුණ එතුව...
නෙතගට සිනා මුත් නොපෙනෙන දුර ඇත -
ඇසුමෙන් අවදිවයි සඳ ගැන කියු ගීත -
සුළඟට මුසුව, ස්වර කැටි යට මල් ඉත්ත -
කතුරට හරස් වෙයි නොදැනිම රස පැත්ත...
හමුවෙනු කියා සිත කීවත් නිතර අද -
දුටු විට නුඹේ නෙතු ළඟ තනිවුනා හද -
පැහැසර රුවට කවි අමුනපු රුවන් පද -
හමුවුන දවස ගැන මතකේ කියනවද...

පැතුමන් සුළං ගගනේ පා කරන විට -
සිහිවෙයි යසට අපි හිනහුන තරම් මට -
අපමණ සෙනෙහෙ දම් පුරනා ලොවක හෙට -
මං තනි වුනොත් නුඹ නැති දිවියක් කුමට...