Social Icons

twitterfacebookgoogle pluslinkedinrss feedemail
සිරාම පෙමට වසසත් මට හරස් වන -
මසකින් බාල හින්දා ඇය දුරස් වන -
එෆ්බී පිටුවේ හිද ඇගේ රූ හරස් වන -
කොමෙන්ටු මොටද, ඈ නිරතුරු හිනස්සන...
උස් අඩි යුගල හින්දද වැඩි උස පෙනෙන -
දහවල් හීනදෝ මං හැබහින් දකින -
වරලස ගැස්සි, ලැම පැද්දි යන ගමන -
සිහිකර අතක් වෙහෙසයි අප වැනි අමන...
එනමුදු ඇයගේ නෙතු කැට යුග මතින් දෙන -
වසගය වෙලා සතියක් අඩු නොවන දින -
ලියලා දමන්නට හිතදී ඇයගේ ගුන -
හිදිද නුඹට පෙම් කෙරුමට, කෙනෙක් වෙන...
දුටුවෙමි ඔසරි පොට කොස්ගොඩ යන අතර -
මඟුලට නැකත් දී සිකුරට පෙර මෙවර -
ගුරුතුමි දෙවැනි බස, ශිල්පය දෙන අයුර -
දැකගනු කියා මං නොදැනිම, පානදුර...
ඉන්ජෙක් වෙලා කුමටද මුදු නැති අතට....
එබැවින් සොයමි ගුරුතුමියක සරණයට -
නුඹ නැති බැවින් හෙට මහමඟ මේ ලෙසට -
චාටර් නොවෙමි ලබනා, අවුරුදු දාට...
නොසිතු ලෙසට දුටු, නිල් නෙතු සර ලඳුනි -
වෙත මා හිතත් ඇවිදන් දුර යන බැවිනි -
මනසින් මවන නන්විදි ලෝ ගැන තුටිනි -
මොහොතින් බිද හෙලයි ඈ සතුවුන දෝනි...
පෙනුමින් යසට සුදු පිරිවට වසන් උර -
අව් රශ්මියට පිටුපා ඈ ගිමන් හැර -
නික්මෙනු කියා සැරසී යලි දුකින් බර -
සිනහව උපදවයි නෙතු කැට තෙමනු පෙර...
දියනිය ඈගේ නොව, අන් කවරෙකුද කියා -
පසු පස ගියමි ඈ පිලිබද කරුණු සොයා -
සිනහවේ තුටින මල් අහසට විසිර ගියා -
ඇය තනිකඩද, පෙර කී දුව යන්න ගියා...
මුතු ඔප බැඳුනු සේ තොල් පෙති යටි බැම්ම -
දත් පෙල හැඩකරයි දෙකබුල් තුල නැම්ම -
ඔසරිය හැදන් පා නැගු උස් අඩි පිම්ම -
ගුරුතුමි අදත් නික්මුනි මට හොරැහින්ම...

රූපෙන් උසස් හැඩ පිරි වත රන් මෙන්ම -
බැබලුනි හිරුට ඇගේ රූ තල ජන්මෙන්ම -
සාරගී විලස ලැම ඉස්සෙන ගමනින්ම -
නික්මෙනු හංසියේ අහසට සඳු මෙන්ම...
දැවටුන විටක නුඹේ වරලස මගේ සමට -
සිසිලස රජ කරයි එරෙහිව උණුසුමට -
හිස රත් වුනත් මහ අව්වේ සිටි මෙමට -
නුඹ සහනයක් වෙයි දුටුවත් දහවලට...