සඳ කුමරියන් අප හැරදා ගිය විටක -
එලියක් කොහෙද සරසවියට රන් සඳක -
ඉන්නා එවුන් පිටුපා හැර යන කලක -
ඔබ සමු අරන් කඳුලක් වී පෙම් හදක...
සිටිවිට සබරගමු තුරුලේ පහස විද -
අගයක් නොකල මුත් සිතකින් පෙමින් බැද -
හැරගිය විටදි මතකෙට එන කරුණු මැද -
අපි තනිවුනා තනිකඩ පෙල අතර හිද...
ලැම්බට් වුවද බාදක ඇති විට පැහැර -
කොක්කක් ගසාපන් මල්ලියේ විද මිහිර -
පසුබට වෙලා පාපය දැන ගත් නහර -
මට දුක කියයි උන් හැරගිය විට සබර...






