Social Icons

twitterfacebookgoogle pluslinkedinrss feedemail
සඳ කුමරියන් අප හැරදා ගිය විටක -
එලියක් කොහෙද සරසවියට රන් සඳක -
ඉන්නා එවුන් පිටුපා හැර යන කලක -
ඔබ සමු අරන් කඳුලක් වී පෙම් හදක...

සිටිවිට සබරගමු තුරුලේ පහස විද -
අගයක් නොකල මුත් සිතකින් පෙමින් බැද -
හැරගිය විටදි මතකෙට එන කරුණු මැද -
අපි තනිවුනා තනිකඩ පෙල අතර හිද...

ලැම්බට් වුවද බාදක ඇති විට පැහැර -
කොක්කක් ගසාපන් මල්ලියේ විද මිහිර -
පසුබට වෙලා පාපය දැන ගත් නහර -
මට දුක කියයි උන් හැරගිය විට සබර...
ඉවත ගලා යන! කඳුලැලි අතරට -
නුඹේ මතකයන් හරස් වෙලා...
හඬනු කෙසේ දැන්! මතකේ යන්නට -
නෑ කිසිවක් මට ඉතිරි වෙලා....
නෙතු ළඟ සිනා කැන් සුමිහිරි තාල පිරි -
මුව හැඩ කරන් ඇය බලනා නෙතින් සරි -
සුරඟන වෙසින් සරසවි ආ කොමල දැරි -
දුටුවිට අපිට තව නම් ඉවසන්න බැරි -

හිමි නැති රුවක් වෙනුවෙන් තව කවි ලියන -
කෙනෙකුන් හිදී නම් රුව ගැන ගුණ කියන -
එම රුව ලබන්නට විඳ තනිකඩ ලෙසින -
ඉන්නේ කවුද සිව් වසරක් මඟ බලන.....
සැනසුම් මිහිර කැන්දා මුව සිනා සැලු 
දුටු විට නුවන් යුග පියෙනා රටා නෙලු 
පියවර තබන රන් පා තුඩු ගැටි බොරලු 
මැණි කැට වුනා මා හද සේ නුඹ බැබලු 
නිල් නෙතු යුග ආල බැඳී කැන්ටිම ළඟදි -
මමත් ගියා ඈ පසු පස මහ වැසි මැද්දි -
මුවා වෙන්න නවාතැනක් හමුවන විටදි -
තෙමිච්ච පුස් උරෙක් විය! මං මහ මගදි -

කරපු මොඩ කමේ ශෝක පීනස විදිනා -
එක ඩෙනිමයි තිබ්බේ මට එකත් තෙමුනා -
අසරණ වී සරනක් නැතිවම තනිවෙන්නා -
ඇයි අපිටම! මේවගේ තාමත් කෙලවෙන්නා -
අසුනක් තිබේ නම් දෙතැනම ඉඩ ඇතිව -
එක් කොන ලැගුම් ගමි මුළු අසුනම මැදිව -
රූ ගුණ ලඳක් බස් රිය තුල ඉඩ පැතුව -
දුටුකල ඉඩක් දෙමි! කහටක්, හිත නැතිව...

වංගු මැදින් බස් රිය ඉගිලෙන විටක -
මගේ අත වැදුනි හංසියගේ එක් ලැමක -
සිසිලස පිරුනු හිම මිදෙනා රන් විලක -
කිමිඳි ගියා සුව අරගෙන පෙම් මලක...

නොපෙන්ව සිටිය මුත් උන් ළඟ රාග සිත -
සඟවා ගනී ආලය ලෙස එවන් මත -
තනිකඩ මෙමට අහඹුව පමණක්ය සෙත -
දන්නා බැවින් වෙහෙසන්නද මගේ අත...

වැලපෙන කඳුලු අතරට නුඹේ මතක තියන් 
දියකර හරින්නම් බොඳ කල දෙනෙත් පියන් 
නුඹේ රූ මවන මතකය නැති ලෝකේ සොයන් 
මං ඉගිලුනා දහසක් මල් අතර හිඳන්

දුටු විට නුඹේ නෙත් කැලුමේ හසරැල්ල 
යනවිට ගමන ඉගසුග පිරි නැලවිල්ල 
මට හිමි නැතත් සිත් තැවුලට සැනසිල්ල 
නුඹ විය ලඳේ නෙතු සිනහවේ ඇහිපිල්ල 

සැඟවුන සඳේ නුඹ එනතුරු මඟ ඉදලා -

මං තනිවූනා ඝනදුර මැද තරු ගැනලා -

එනමුදු සිතට ඔපවත් වූ තරු දැකලා -

සැනසුම කොහෙද සඳ නැති අහසම බලලා...


සරසවි පියස අහසක් යැයි කීවාට -

සඳ සේ නුඹව උපමාවක් කෙරුවාට -

නෑ බහ දුන්නේ මං ඇයගෙන් අසුවාට -

තව කවි ලියන්නම් හිතගත් හොට්ටියට...