T එක බීලා මා ගිය කල රීඩිමට...
දන්නෙම නැතුව ඇද වැටුනයි නින්දකට...
සද්දය මැද්දේ මා අහිරිලා බලන කොට...
ලියුමක් තිබුනි පාඩම් කල පොතක් යට...
දන්නෙම නැතුව ඇද වැටුනයි නින්දකට...
සද්දය මැද්දේ මා අහිරිලා බලන කොට...
ලියුමක් තිබුනි පාඩම් කල පොතක් යට...
ඇයගෙන් ලැබුන ලියුමක් කියා සිතන කොට...
පාඩම් කරන්නට බැරිවුනි කරුමෙකට...
ලියුමත් අරන් Hostel වෙත යන කලට...
ඇ මුන ගැසිනි GIM හන්දියේ ගසක් යට...
ලියුමක් තිබ්බ ඇය මා එහි දකින කොට...
අදහනු නොහැක අඩුනා මගේ තනි ඇහැට...
කලබල වෙලා කඩදාසිය බලන විට...
ඇය දුන් එකක් නොව කියලා සිතුනි මට...
ලියුමේ තිබ්බ දේවල් ගැන සිතන කොට...
නොන්ඩි සිනහවක් එනවා යටි සිතට...
කෙල පෙර පෙරා නින්දක පැටලුනු මෙමට...
ලියුමක් කියා සිතුනේ කටු කොළයකට...
මා හැදු ගණන් වල කටු වැඩ ඇත එමට...
කොළයම පුරවලා තිබුනානේ හරි යසට...
කිසිදා ලැබුන ලියුමක් නැත මා අතට...
සිහිනය අහවරයි වැඩ කරමුද එකට...







No comments:
Post a Comment