Social Icons

twitterfacebookgoogle pluslinkedinrss feedemail

Featured Posts

තණපිලි අගන් දවටා සිටි පිණි බිංදු
හිරු කිරණකින් මිනිකැට වී (නෙතු) රැංදු
අරුණෝදයේ සිසිලස මැද ගී සිංදු
ගයමින් ඇයත් මඟ එනවා සිත බැංදු

මහදේ මෑවූ කුමරිය හිමි රූ සපුව
උපමා කරන් හංසිය වූ මා (නෙතුව)
ඈ යන විටදි නම කියමින් කෑ ගැසුව
පිස්සෙක් වුනා blog වල මා කවි ලිව්ව

ඇගේ රුව දිලෙයි සඳ කිරණක් ලෙසින් දිනා
පැහැසර කරන් (නෙතු) සඟලෙන් කෝල සිනා
රූ සපු ගුණය හිමි නැතිමුත් කෙනෙකු විනා
මං කවි කියන්නද? ඈ ගැන තුටින් පිනා

මාතර ගමෙන් නුඹ වැනි කඩිසර කෙට්ටු
හොට්ටියෝ හිටියොතින් කියපන් මං ඔට්ටු
දෑවැද්දකට දුන්නත් රස මනි පිට්ටු
නුඹ නැති කමට, මොන සතුටද, මට කිට්ටු

පිණි ජම්බුවක් මෙන් වු ඇගේ නාසයට
මා හද බැඳුනි හොට්ටිගේ රන් රුපයට
නෙතු පියවෙනා රාගය පිරි තාලයට
ඇය හැර වස්තුවක් නෑ මගේ ලෝකයට

සිරාම පෙමට වසසත් මට හරස් වන -
මසකින් බාල හින්දා ඇය දුරස් වන -
එෆ්බී පිටුවේ හිද ඇගේ රූ හරස් වන -
කොමෙන්ටු මොටද, ඈ නිරතුරු හිනස්සන...
උස් අඩි යුගල හින්දද වැඩි උස පෙනෙන -
දහවල් හීනදෝ මං හැබහින් දකින -
වරලස ගැස්සි, ලැම පැද්දි යන ගමන -
සිහිකර අතක් වෙහෙසයි අප වැනි අමන...
එනමුදු ඇයගේ නෙතු කැට යුග මතින් දෙන -
වසගය වෙලා සතියක් අඩු නොවන දින -
ලියලා දමන්නට හිතදී ඇයගේ ගුන -
හිදිද නුඹට පෙම් කෙරුමට, කෙනෙක් වෙන...
දුටුවෙමි ඔසරි පොට කොස්ගොඩ යන අතර -
මඟුලට නැකත් දී සිකුරට පෙර මෙවර -
ගුරුතුමි දෙවැනි බස, ශිල්පය දෙන අයුර -
දැකගනු කියා මං නොදැනිම, පානදුර...
ඉන්ජෙක් වෙලා කුමටද මුදු නැති අතට....
එබැවින් සොයමි ගුරුතුමියක සරණයට -
නුඹ නැති බැවින් හෙට මහමඟ මේ ලෙසට -
චාටර් නොවෙමි ලබනා, අවුරුදු දාට...
නොසිතු ලෙසට දුටු, නිල් නෙතු සර ලඳුනි -
වෙත මා හිතත් ඇවිදන් දුර යන බැවිනි -
මනසින් මවන නන්විදි ලෝ ගැන තුටිනි -
මොහොතින් බිද හෙලයි ඈ සතුවුන දෝනි...
පෙනුමින් යසට සුදු පිරිවට වසන් උර -
අව් රශ්මියට පිටුපා ඈ ගිමන් හැර -
නික්මෙනු කියා සැරසී යලි දුකින් බර -
සිනහව උපදවයි නෙතු කැට තෙමනු පෙර...
දියනිය ඈගේ නොව, අන් කවරෙකුද කියා -
පසු පස ගියමි ඈ පිලිබද කරුණු සොයා -
සිනහවේ තුටින මල් අහසට විසිර ගියා -
ඇය තනිකඩද, පෙර කී දුව යන්න ගියා...
මුතු ඔප බැඳුනු සේ තොල් පෙති යටි බැම්ම -
දත් පෙල හැඩකරයි දෙකබුල් තුල නැම්ම -
ඔසරිය හැදන් පා නැගු උස් අඩි පිම්ම -
ගුරුතුමි අදත් නික්මුනි මට හොරැහින්ම...

රූපෙන් උසස් හැඩ පිරි වත රන් මෙන්ම -
බැබලුනි හිරුට ඇගේ රූ තල ජන්මෙන්ම -
සාරගී විලස ලැම ඉස්සෙන ගමනින්ම -
නික්මෙනු හංසියේ අහසට සඳු මෙන්ම...
දැවටුන විටක නුඹේ වරලස මගේ සමට -
සිසිලස රජ කරයි එරෙහිව උණුසුමට -
හිස රත් වුනත් මහ අව්වේ සිටි මෙමට -
නුඹ සහනයක් වෙයි දුටුවත් දහවලට...
ගතසිත සලිත සුළඟට, වරලස ඇමින -
ඇය හුන් ඇසුන ළඟ මා හද ඉඩ සොයන -
මාතර බසය තුල අද මා ගිය ගමන -
සිතුවේ 'නෙතු' කියා සරසවි මුන ගැසුන...
නිල් පැහැ තොඩු තවමත් හැඩ ගෙන මුහුන -
බබලයි සඳක් මෙන් මා පැතු හොටු අඟන -
සිමිහිරි රුවින් නෙතු කැට පිය වෙන නයන -
නුඹමැයි කියා රැවටුනි! ඇය දුන් දසුන...
අහඹුව ලෙසට දුටු නිල් පැහැ තෝඩු සොයා -
මං පියනැගුවා ජනගඟ මැද ඇයම කියා -
සිතුවේ හඬන්නට නොව සිපගන්න තියා -
දුටු ලඳ නුඹ නොවෙයි මඟහැර යන්න ගියා...
පැහැසර රුවින් යුතු සිනහව කැටුව මුව -
ඇය රඟදුන්නා නුඹ මෙන් මට දෙනෙත් රව -
සිහිකර මතක අතරට මා ගියත් තව -
නුඹ නැත අදත්!! මට පලදි සසර පව...