දකුණු ලකින් නුඹ එනවිට කඳු රටට -
අරගෙන වරෙන් කිරි, මී පැණි එකට -
සිප ගත නොහැකි මුත් නුඹගේ රන් මුවට -
හෙට පැමිණලා කිරි කවන්න සිතුනි මට -
මී පැණිය රසය බැලුවොත් සුදු නුඹෙ සමට -
කිරි මෙන් දිලේ පිරිපුන් යස වත ලැමට -
එනමුදු සිසිල වඩමින් ගත වෙලි සෙමට -
සුවවනු කියා පිරිටන් දෙමි හොටු ලදට -
සුදු හංසියක් සේ නුඹ ඇවිදින් ඇලට -
හැඩකර සිතුවමකි හිරිකඩු ඔය අපට -
ගලනා දියෙන් මිණිකැට මතු වන ලෙසට -
දිය නාපන්කෝ හෙම්බා හොඳ වුන දිනට -
හෙම්බා - හෙම්බිරිස්සව, සෙම්ප්රතිශාව







No comments:
Post a Comment