කවියෙන් උමතු ලෙස පෙම් බස් කියන්නට -
සඳ දිය පෙවුන මත් විලසින් ලියන්නට -
හැකි මුත් එලෙස කවියෙන් පෙම් බඳින්නට -
නොහැකිය ලඳේ නුඹ වෙත හද පුදන්නට.....
සිකුරා මගෙත් නලලට පිය මන් කරලා -
ආ විට ලොල්ව නුඹගේ රූ ගුණ කියලා -
කවියෙන් රසට ඒ ගුණ එලි වැට තබලා -
ලියලා එවන්නද කෙල්ලේ හෙට ඉදලා....
මෙලෙසින් නුඹේ රූ ගුණ මහි ගැන කියන -
පිස්සෙක් හිදී දෝ සබරේ කවි ලියන -
මනකල්පිතව හොට්ටිය ගැන දුක් විදින -
වැරදුන පෙමකි දැන දැන මා තව හඬන....
වැලැපෙන කඳුලු අතරට නුඹේ මතක තියන් -
දිය කර හරින්නම් හඬලා දෙනෙත් පියන් -
මතු දිවි බවේ වත් හමූ වේ කියා හිතන් -
සමුගමි ලොවින් හඬනා කඳුලැල්ල පිහන්....