Social Icons

twitterfacebookgoogle pluslinkedinrss feedemail

නුඹ නැති අඩුව


දින දෙක තුනක් දැනුනා නුඹ නැති අඩුව...
පළවෙනි පෙමක මා පැටලී දිවි පිදුව...
ඔය නෙතු ලබන්නට හැකි නම් මා ලැබුව...
සුරපුර අඟන නුඹ වෙයි දිවිහිමි අඹුව...


දහසක් පැතුම් ඇත හද මා දෝර ගාලා...
නුඹේ රෑ සරුව බබළයි සිත නෙතඹ සලා...
සබරේ දිලෙන සඳ නුඹ මැද අහස් වලා...
නුඹ නොලැබුනොත් මා යන්නෙමි පොළව පලා... 

මතු හෙට දිනක වත් හොට්ටියේ හිනා වෙයන්...
සබරේ වසන්තය කැන්දා ගෙනම වරෙන්...
සරසවි පියස දැන්වත් නුඹ පාට කරන්...
මා කැන්ඳලා නුඹේ සතුටක් මටත් දියන්... 

No comments:

Post a Comment