පිස්සන් ජොඩුවක් පොලු ගැසුවලු රෑට...
රන් පැණි මුලක් සේ දිස්වෙන සඳ ළඟට...
ඩැහැ ගන්නටලු පොලු ගැසුවේ ඒ දෙසට...
පොලු ගමින්න - සඳ වෙත උන් ඉන්න කොට...
වැහි අඳුරකට -- සඳ මැද විය වැස්සකට...
විසිකල පොල්ල සඳ මත වැඳුනා ලෙසට...
උන් හට තේරුනා සඳ නැති වූ කලට...
මන්මත් වුනා සඳ පොලවට වැටුනා කියා...
උන් දිව ගියා වැටිච්ච රන් පැණිය සොයා...
එක් පිස්සෙකුට හම්බුන තැන ගෙනම තියා...
කන්නට වුනා සඳ ගැන උන් කතා කියා...
සියඹලා පොල්ලකින් ගැසු විට ඇඹුල් රස...
එක් පිස්සෙකුට තේරුනි පැණි රස වෙනස...
ඇඹුල් රහක් දැනිලා දිව ගිය විගස...
වැටහී ගියා උන් හට රසයේ රහස...
උන් දිව ගියා වැටිච්ච රන් පැණිය සොයා...
එක් පිස්සෙකුට හම්බුන තැන ගෙනම තියා...
කන්නට වුනා සඳ ගැන උන් කතා කියා...
සියඹලා පොල්ලකින් ගැසු විට ඇඹුල් රස...
එක් පිස්සෙකුට තේරුනි පැණි රස වෙනස...
ඇඹුල් රහක් දැනිලා දිව ගිය විගස...
වැටහී ගියා උන් හට රසයේ රහස...







No comments:
Post a Comment