නොසිතු ලෙසට දුටු, නිල් නෙතු සර ලඳුනි -
වෙත මා හිතත් ඇවිදන් දුර යන බැවිනි -
මනසින් මවන නන්විදි ලෝ ගැන තුටිනි -
මොහොතින් බිද හෙලයි ඈ සතුවුන දෝනි...
වෙත මා හිතත් ඇවිදන් දුර යන බැවිනි -
මනසින් මවන නන්විදි ලෝ ගැන තුටිනි -
මොහොතින් බිද හෙලයි ඈ සතුවුන දෝනි...
පෙනුමින් යසට සුදු පිරිවට වසන් උර -
අව් රශ්මියට පිටුපා ඈ ගිමන් හැර -
නික්මෙනු කියා සැරසී යලි දුකින් බර -
සිනහව උපදවයි නෙතු කැට තෙමනු පෙර...
අව් රශ්මියට පිටුපා ඈ ගිමන් හැර -
නික්මෙනු කියා සැරසී යලි දුකින් බර -
සිනහව උපදවයි නෙතු කැට තෙමනු පෙර...
දියනිය ඈගේ නොව, අන් කවරෙකුද කියා -
පසු පස ගියමි ඈ පිලිබද කරුණු සොයා -
සිනහවේ තුටින මල් අහසට විසිර ගියා -
ඇය තනිකඩද, පෙර කී දුව යන්න ගියා...
පසු පස ගියමි ඈ පිලිබද කරුණු සොයා -
සිනහවේ තුටින මල් අහසට විසිර ගියා -
ඇය තනිකඩද, පෙර කී දුව යන්න ගියා...







No comments:
Post a Comment