Social Icons

twitterfacebookgoogle pluslinkedinrss feedemail
නුඹගේ රුවට උපමාවක ගෙන සඳුව -
මං කවි කියන්නද පහවෙන තුරු කළුව -
ඇසිපිය හෙලෙන විට මැවෙනා රූ සපුව -
ගැන ගුණ කියමි, කිසිවක් මා අඩු නැතිව...

රත්‍රන් සේය ඔපවා සිරුරට හැඩය -
ගල්වා දෙතොල් මත රදනක සේ පැහැය -
සුර දූතියක් මෙන් වූ අසිපිය නලිය -
මා හද වශීකරවයි හිමි නැති බිරිය...

No comments:

Post a Comment