බටහිර සුළඟ හමමින් මාතර දෙසට -
මගේ පෙම් කවියේ පද ගෙනයයි ඈ වෙතට -
එක්වෙනු නොහැකි නම් සසරේ දිවි මගට -
සුළඟත් රුකුල් වෙයි හිමි නැති අපේ පෙමට...
නන්නා-දුනන ඇස් දහසක් මුන ගැසුනු -
සරසවි පියස නුඹ මාවත් හමු කෙරුනු -
සිව් වසරක්ම පැතුවට නුඹ සිත රැදුනු -
අමතක කරන්නට නෙතු මට ඉඩ තබනු...
ඇසිපිය අතර කඳුලැලි පිරි දුක පැහැර -
හැරදා සිටින්නේ කොහොමැයි නුඹ නෑර -
එක්වෙනු නොහැකි නම් තව-තව සිත පාර -
දිවි මං ගෙවන්නේ කුමටද මේ සසර...







හන්තානට පායන හද වගේ කතාවක්ද?
ReplyDeleteහා හා!
ReplyDelete