Social Icons

twitterfacebookgoogle pluslinkedinrss feedemail
දැවටුන විටක නුඹේ වරලස මගේ සමට -
සිසිලස රජ කරයි එරෙහිව උණුසුමට -
හිස රත් වුනත් මහ අව්වේ සිටි අපට -
නුඹ සහනයක් වෙයි දුටුවත් දහවලට...

එනමුදු කලෙක නුඹ ඔහු අත ගෙන එකට -
හුන්ඩුවේ තනි වුනා අඹ ගහ යට රෑට -
සඳ සේ දිලුන මුත් රූ පිරි තල යසට -
මම තව හඬයි සිත ගිය විට ඒ කලට...

පෙරුමන් පුරා තවමත් මං කවි පෙලට -
නුඹේ මතකයන් එක් කරනෙමි පද ළඟට -
සිහිවන විටදි කැලුමන් පිරි තරු නෙතට -
කවි පද ලියන්නම් රුව ගැන පෙර ලෙසට...

3 comments: