පැහැසර රුවේ නෙතු කැට නිල් තොඩු කන -
මගේ හිත අරං කොටුවේ පාලමින් යන -
දුටු විට සඳේ නුඹ අමතක කරපු දින -
යලි හමුවුනා ඇය පාලම අතර දන...
දහස් දනන් කොටුවට එන ඉරිදා දින -
ඇගේ නෙතූ ගැටෙන්නට තිබුනා මටත් පින -
මා හිත ඇයට ආදරයෙන් බෑදී මන -
කවි පද ලිව්වා මතකද බං තෝඩු ගැන...
ඇගේ රූ සිතුවමක් ඇඳ මා බිත්ති පුරා -
දෙකනේ තොඩු නිල් වර්ණක මුසුව දරා -
සිරුරේ පැහැය ගල්වන්නට සඳ සූරා -
අරගෙන ඇවිත් සරසන්නම් හද දිවුරා...







No comments:
Post a Comment