කැන්ටින් පොලිමේ ඇය ළඟ මා තනිව -
මැදි වී සිටී ඇගේ යෙහෙළියෝ එහි ඇතිව -
එකි නෙක වෙතට කියනා බස් තුටි වැඩිව -
සිනා නඟයි නෙතු පියවා කැත නැතුව...
වක්කඩ වගේ අක්කර කට විවර කරන් -
ඈ ලොල් සිනා විහිදනවා දෙනෙත් පියන් -
කෙල විසි වෙලා මගේ මුහුණට වැදී ගතෙන්-
තෙහෙට්ටු ගතිය දියාරු වී ගියා සුවෙන්...
දහසක් ගුණය තිබුනත් ඈ රන් සිරුරේ -
කෙනෙකුන් හිදී දෝ ගුණ කීමට සබරේ -
හමුවුන නැත්ත උපදින අන් හැම සසරේ -
රූ ගුණ බැබලියන් සඳ සේ රෑ අඹරේ...







No comments:
Post a Comment