Social Icons

twitterfacebookgoogle pluslinkedinrss feedemail

සඳ විලසින්


විකසිත වුන දින - නිසලව හිඳිමින්
සඳු දෙස බලමින - ඇසි පිය හෙලමින්
තරුත් එකක් හිනහුන - හද අසලින්
නොමියන ලෙස පතමින - මල සමඟින්

හිස් අහසේ සඳු - පයා දිලෙමින්
මහද මුලාකල - රන් තැටි විලසින්
තරු පිරිවර සඟවා - ගෙන අහසින්
සඳු බබලන්නේ - කිමදෝ එලසින්

හිස් අහසක් නොම - සිවිලිම බලමින්
අහස කියා මා - රැවටී එලෙසින්
සඳු නොව දිදුලන - විදුලිය එළියෙන්
මා රැවටූවා මල් !! - සඳ විලසින්

No comments:

Post a Comment