සඳ ඇවිදින් මට හද ඉඟි කෙරුවට -
උරුමය නැති නුඹේ හිත මං පැතුවට -
දීග යන්න හැකිදෝ ! අප දෙදෙනට -
රෝස කුසුම් තොල්පෙති ඇති පාටට -
කොනක් හපා ගෙන නුඹ බොරු කිව්වට -
මතු දිනයක අප වෙන්වී යනවිට -
වහල් නොවී ඉමු ! නෙතු ළඟ කඳුලට -
සරසවි යුගයේ මිහිරි මතකයට -
නුඹ රුකුලක් විය හිනහෙන මොහොතට -
අපමණ පෙරුමන් පුරමින් හොට්ටිට -
කවි ලියනෙමි මා ! හදවත දිනුමට -
සරසවි යුගයේ මිහිරි මතකයට -
නුඹ රුකුලක් විය හිනහෙන මොහොතට -
අපමණ පෙරුමන් පුරමින් හොට්ටිට -
කවි ලියනෙමි මා ! හදවත දිනුමට -







No comments:
Post a Comment