Social Icons

twitterfacebookgoogle pluslinkedinrss feedemail

සිත


සඳහම් සිසිලෙන් සුවපත් කල සිත -
බෝ පත් අතරින් හමන සුළං ගත -
දැවටී මා බෝ මළුව පුදා අත -
නමදිමි කරුණා ගුණය තථාගත -

සන්සුන් වුන මනසින් නිවනට යන -
නිවන් මගේ පෙරුමන් පුරමින් දන -
සක්මන් කරමින් මළුව පුරා යන -
සිත එක් තැන්කර වඳිනෙමි දම් ගුන -

No comments:

Post a Comment