Social Icons

twitterfacebookgoogle pluslinkedinrss feedemail

තොටියෙක්


තොටියෙක් වී මා, හිඳ හිටි පුටුවට -
ක්ෂිත ඉමක් පෙනෙනා දුර ගව්වට -
හිරුත් ගිලෙන බටහිර සමුදුරකට -
රුවලක් පැද යමි, මන ලොව ඉදහිට -

පාරු කවිය තාලය නැති මොහොතට -
සෙමින් සෙමින් කාලය යනු හවසට -
හිරු ගිලිලා, සඳු පිය නැගු අහසට -
තරු කුමරෙක් වී, පායමි ලෝකෙට -

මලින් හමන සුවඳැති දුම් රස්නෙට -
මනෝ ලොකේ තොටියෙකි, මං පුටුවට -
හිරිහැර, බදා නැත අන් කිසිවිට -
මා පිය නගනෙමි ! නුඹ නැති ලෝකෙට -

No comments:

Post a Comment